Thursday, April 7, 2016

☻☻☻ SHANNARA CHRONICLES (2016)☻☻☻ යක්ෂයින්ගේ මායා ගස

                                         මේකේ නම SHANNARA CHRONICLES.කතාව පෙන්වන්නේ MTV නාලිකාවේ.විකාශය ආරම්භ වුනේ 5වැනිදා.මේ කතාව නිර්මාණය සදහා පාදක වෙලා තියෙන්නේ TERRY BROOKEගේ තුන් ඈදුතු ග්රන්ථයන් තමා.කතාව ගැන බැලුවම ක්රියාදාම,යුද්ධ,මිත්යා කියන ගණයන්වලට අයත් වෙනවා.IMDB අගය මේ වනවිට 8.3ක් වැනි ඉහල අගයක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.ඒවගේම මෙහි රංගනයෙන් දායක වෙන උදවිය ගැන බැලුවොත් AUSTIN BUTLER(විල් ඔහාම්ස්ෆොර්ඩ්) ලෙසත් MANU BENNET(ඇලනොන්), JOHN RHYS-davies(ඉවන්ටයින්),සහ POPPY DRAYTON(ඇම්බර්ලි කුමරිය) සහ IVANA BAQURIO(ඉරේට්රියා) ලෙසත් ප්රධාන චරිත නිරුපනය කරනවා.පළමු සහ දෙවැනි කොටස් දෙකට ලද IMDB අගය පිලිවෙලින් 8.0 සහ 8.3ක් ලෙස දැක්වෙනවා.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද??

එල්ක්රිස් කියල මායා ගසක් වටා තමා මේ සීරීස් එක ගොඩනැගිල තියෙන්නේ. මේ ගස තියෙන්නේ යක්ෂයින් සිර කරගත් විමානයක. එහි සෑම කොලයක් යක්ෂයෙකු සංකේතවත් කරනවා. කොලයක් හැලීම යනු යක්ෂයකුගේ නිදහසයි.ඉතින් මෙන්න මේ ගහ වටා තමා කතාව ගෙතෙන්නෙ. ඇම්බර්ලි කියන්නේ එල්වින් කුමාරිකාවක් ඇය පුරාන සම්ප්රදායක් නොසලකමින් වසර ගණනක් පිරිමින් පමණක් ඉදිරිපත් වූ තරගයකට මුහුණදී ජයගන්නවා. ජයගත් අය හදුන්වන්නේ තෝරාගත් සාමාජිකයන් ලෙසයි.ඔවුන්ගේ කාර්ය වන්නේ එල්ක්රිස් නම් මායා ගස රැකබලා ගැනීමයි.ඉතින් ඇම්බර්ලි ගහ ළගට ගිහින් අත තිබ්බම ගස ඇය සමග කතා කරනවා.ඇයට අනාගතය ගැන දර්ශනයන් පෙන්වනවා.එම දර්ශනවල අඩංගු වෙන්නේ යක්ෂයින් විසින් මිනිසුන් විනාශ කර දැමූ දේශයක්. ඉතින් මේ කුමාරිකාවට ගස රැකබලාගන්න පුළුවන් වෙයිද? යක්ෂයින් නිසා ලෝකය විනාශ වෙයිද?

හොදයි එහෙනම් මම මේ කිව්වේ තැනින් තැන.කට්ටිය අරගෙනම බලන්නකෝ…


යාමේ TV Series එකනිවසටගෙන්‍‍වාගන්‍‍නිනම්‍‍ Call or text ‍රන්‍‍.


0773625611/ 0712702437
{.main-image?}
{.end}

• With English/SINHALA Subtitles.
• High Quality 400MB MP4 Files.
• COMPLETE Season In 1 DVD Rs:100/= ONLY.
• Islandwide FREE Delivery.











No comments:

Post a Comment